සිසුන් දැඩි උද්යෝගයකින් විභාගයට
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු , ග්‍රාමිය සහ නගරබද පාසල් වල පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රධාන විභාග මධ්‍යස්ථාන 34 ක් ස්ථාපනය කර ඇති බවත්, එම ප්‍රධාන විභාග මධ්‍යස්ථාන 34 තුල අනු විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපනය කර ඇති බවත්, එම මධ්‍යස්ථාන වල සිසු සිසුවියන් 4186 දෙනෙකු විභාගය සදහා පෙනි සිටින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
වතු, ග්‍රාමිය සහ නගරබද පාසල් වල පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින සිසු සිසුවියන් සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුකුලව විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු කර ගැනිමට ශාලාධිපතිවරුන් විසින් පියවර ගෙන තිබුණි.
මේ අතර කොවිඩ් අසාදිත දරුවන් වෙනුවෙන් විභාගය ලිවිමට හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ ෆෘට්හිල් දමිල මහා විද්‍යාලය වෙන් කර තිබු අතර , එම විභාග මධ්‍යස්ථානයට අසාදිත දරුවන් ගිලන් රථයක් මගින් රැගෙන ඒමට සෞඛ්‍ය අංශ නිලධාරින් සහ එම විදුහල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

