මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා අයදුම්කරුවන් 2918 කට පත්වීම් ලිපි ප්රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව සිසු හෙද පුහුණුවට බඳවාගැනීම - 2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු සඳහා සිසු හෙද පුහුණු පත්වීම් ලිපි ප්රදානය කිරීමේ වැඩසටහන ලබන (14) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පෙරවරු 8.30 ට පැවැත්වේ.
අදාළ සිසුන් පෙ.ව. 7.00 ට පෙර නියමිත ස්ථානයට පැමිණෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටී.