සිවු දෙනෙකුගෙන් පහර කෑ 15 හැවැරිදි සිසුවා මාස හතරකට පසු ජීවිතක්ෂයට
අවුරුදු උත්සවයකදී සිවු දෙනකුගේ පහරකෑමට ලක්ව අනතුරුව පිහි ප්‍රහාරයකට ලක්වූ 15 හැවිරිදි සිසුවා සිව් මසකට පසු කොළඹ ජාතික රෝහලේ දී මිය ගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ වැල්ලම්පිටිය කොටුවීල 3 වන අදියර පදිංචිව සිටි සංඝපාල ආරච්චිගේ නිලික ඉදුවර 15 සිසුවායි.
ඝාතනයට ලක්වූ සිසුවා උත්සවයේ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඉකුත් අප්‍රේල් 29 වැනි දින පැවති අවුරුදු උත්සවයේ පාපැදි තරගය ආරම්භ කිරීමට ප්‍රථම කොටුවීල ගාමිනි විද්‍යාලය ඉදිරිපිට මාර්ගය වාහන ධාවනය සංවිධායක මණ්ඩලයේ මගින් තාවකාලිකව නතර කර ඇතැයි පොලිසිය කියයි.
එහිදී අතුරු මාර්ගයක සිට පුද්ගලයන් සිවුදෙනකු ත්‍රිරෝද රථයකින් මාර්ගයට පැමිණීමත් සමගම ඝාතනයට ලක්වූ සිසුවා සමග විදුහලේ ගේට්ටුව අසල දී බහින් බස් වීමක් ඇති වී ඇති අතර එහිදී සිසුවාට පහරදුන් ඔවුන් අනතුරුව පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 18 තරුණයන් තිදෙනෙකු සහ 25 හැවිරිදි පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

