සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනා කිරිමට හැටන් දුම්රිය ස්ථානය වෙත (16) දින විශාල වන්දනාකරුවන් පැමිණ සිටිහ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ කිහිපයක් ධාවනයට එක් කර ඇත.
සති අන්ත නිවාඩුවේ ධාවනය වන සැම දුම්රියක්ම හැටන් දුම්රිය ස්ථාන වෙත ළගා වෙන අවස්තාවේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරිමටත් , එම වන්දනාකරුවන් නැවත නල්ලන්නියේ සිට හැටන් දක්වා ප්‍රවාහනය කිරිමටත් ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේය.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ වැටලිම් ඒකකය , හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් මෙහෙයුම් දියත් කර ඇත.
උඩරට මැණිකේ දුම්රියෙන් ශ්‍රි පාද කරුණා කිරිමට පැමිණි තරුණයන් තිදෙනෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබිම නිසා එම සැකකරුවන් තිදෙනා හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
