සිමෙන්ති තොග සඟවා තබා පාරිභෝගිකයන් හට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයකු සතු සිමෙන්ති කොට්ට 147ක්, අද (15දා) දහවල් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය පවසයි.
සිමෙන්ති තොග වැඩි මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදු කළ බවත්, ඒ අනුව අනුරාධපුර බැංකු පෙදෙසේ ගබඩාවක සඟවා තිබූ සිමෙන්ති කොට්ට 147 අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.
පසුගිය දින දෙක තුළ අනුරාධපුර නගරයේ, මාතලේ හංදිය සහ කලත්තෑව ඇතුළු ප්‍රදේශවල, සිමෙන්ති තොග සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ නිරත වූ කූට වෙළඳුන් කීප දෙනෙකු වටලා සිමෙන්ති කොට්ට දෙසීයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද පාරිභෝගික අධිකාරි නිලධාරීහු මෙහිදී පැවසූහ.
පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණයට සිමෙන්ති වෙළෙඳපොළ තුළ තිබියදී, අනුරාධපුර නගරයේ මහා පරිමාණ වෙළඳුන් කිහිපදෙනෙකු එම සිමෙන්ති තොග සඟවා තබා, නගරය තුළ සිමෙන්ති හිඟයක් මවා පාමින්, රු 1375 ට මිල සදහන් සිමෙන්ති කොට්ටයක් 1800ට වැඩි මිලකට අලෙවි කකරමින් මෙම ජාවාරම සිදු කරන ගෙන යන බව පාරිභෝගික අංශ විමර්ශන නිලධාරීන් පැවසූහ.
අත්අඩංගුවට ගත් සිමෙන්ති තොගය සතු සැකකාර ව්‍යාපාරිකයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ස්ථානභාර ස්ථාන භාර ජේෂ්ඨ විමර්ශන නිලධාරී බී. ඒ.සී.පී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ඒ.එම්.එස්.කේ.අබේසිංහ, එල්.එම්.එස් නාවිමන, එම්.බී.එම්.රූමි යන විමර්ශන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සිමෙන්ති තොගය අත්අඩංගුවට ගනු ලැබූහ.