සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් විසින් හිතාමතා වෙළෙදපොළේ සිමෙන්ති හිගයක් ඇති කරමින් වැඩි මිලට සිමෙන්ති අලෙවි කර ජනතාවගේ මුදල් මංකොල්ලකන ජාවාරමක යෙදී සිටින බවත්, පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය එක්ව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන අලෙවි නියෝජිතයින් සොයා වැටලීම් සිදුකර, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට සහ ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වැඩි මිලට සිමෙන්ති අලෙවි කිරීම වැලැක්වීමට සහ වෙළඳපොලේ පවතින සිමෙන්ති හිගතාවයට විසදුම් ලබා දීමේඅරමුණින් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, සිමෙන්ති නිෂ්පාදනය කරන ආයතනවලට අයත් කර්මාන්තකරුවන් සහ සිමෙන්ති ආනයනකරුවන් සමග අද (26) දින ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ”සිමෙන්ති ආනයනය කරන ආයතන වලින් ගමේ හාඩ්වෙයාර්වලට නිසි පරිදි සිමෙන්ති බෙදා හැරීම සිදුවන්නේ නැහැ. අලෙවි නියෝජිතයින් විසින් පාරිභෝගිකයාට ලබා නොදී ඒවා සගවාගෙන වැඩි මිලට අලෙවි කරනවා. මේ පිළිබදව සොයා බලා එය නැවැත්වීමට වැඩ පිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. අද අපේ රටේ සිමෙන්ති ජාවාරම්කාරයෝ පිරිසක් සිටිනවා. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරමින් සිමෙන්ති බෙදාහරින්නන් සිදු කරන අක්රමිකතාව නැවැත්වීමට සිමෙන්ති ආනයනය කරන ආයතන මැදිහත් වීය යුතුයි. මෙය පාලනය නොකළහොත් සමාජයට විශාල අසාධාරණයක් සිදු වෙනවා.
ලෝක ආර්ථික අර්බුදයක් පවතින වෙලාවේ ජනතාවට සහන ලබා දිය යුතුයි. ජනතාව බලාපොරොත්තු වන දේ යම් පිරිසකට මංකොල්ලකන්න ඉඩ දිය නොහැකියි. පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමාට මා කියන්නේ අපි කඩිනමින් වැටලීම් සිදු කළ යුතුයි. එම කටයුත්ත පාරිභෝගික අධිකාරියට තනිවම සිදු කිරීම අපහසුයි. එම නිසා අප අමාත්‍යංශයට අයත්ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ගේ සහය ඊට ලබා දීමට කටයුතු කරනවා.
මෙම ආයතන විසින් සිමෙන්ති බෙදාහරින අළෙවි නියෝජිතයින්ගේ ලැයිස්තුවක් ලබා ගෙන ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්යාංශයටඅයත් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නියෝජිතයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් නියෝජිතයින් සමග එක්ව මෙම වැටලීම් සිදු කිරීමට අප වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි.
මසකට සිමෙන්ති මෙට්‍රික්ටොන් ලක්ෂ 5 ක් පමණ සැපයුම ලබා දෙන අතර ඩොලර් හිගය නිසා මෙට්‍රික් ටොන් ලක්ෂයක පමණ හිගයක් පවතිනවා. රජය ආහාර හා ඹෟෂධ සදහා ඩොලර් සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඉදිකිරීම් පිළිබද අවධානය යොමු කරන්නේ දෙවනුවයි. සිමෙන්ති අලෙවි කරන ඇතැම් කණ්ඩායම් වෙළෙදපොළ තුළ විශාල සිමෙන්ති හිගයක් මවා පෙන්වා අධික මිලකට සිමෙන්ති අලෙවි කරනවා. සිමෙන්ති අලෙවි කරන විවිධ ආයතන විසින් පැහැදිළිව මිල සදහන් කර සාධාරණ මිලකට සිමෙන්ති අලෙවි කළ යුතුයි. වැඩි මිලට අලෙවි කිරීම නැවැත්වීමට අපි පියවර ගන්නවා” යනුවෙන් පැවසීය.
පවතින ඩොලර් හිගය හේතුවෙන් සිමෙන්ති ආනයනකරුවන් මුහුණ දී ඇති ගැටළු පිළිබදවද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු අධිකාරිය සමග එක්ව එම ගැටළුවලට විසදුම් ලබා දීමට කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.
