නුවරඑළිය, ග්‍රෙගරි වැවට ගොඩබැස්සවීමට පැමිණි සිනමන් එයාර් ගුවන් සේවයේ ගුවන් යානය අනතුරට පත් වීම පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කිරීම සදහා මේ වනවිටත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසිනි විමර්ශකයින් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
" සෙස්නා ග්‍රෑන්ඩ් කැරවන් - 208 " ගුවන් යානය 01/07 දින දහවල් 12.30 ට පමණ නුවරඑළිය , ග්‍රෙගරි වැවට ගොඩබැස්සවීමේ දී මෙසේ අනතුරට ලක් වී තිබුණි .
ගුවන් මගීන් 08 දෙනෙකු සදහා ආසන පහසුකම් සහිත මෙම ගුවන් යානය නුවරඑළිය ග්‍රෙගරි වැවේ රැදී සිටි ගුවන් මගීන් පිරිසක් රැගෙන ඒම සදහා එහි ගොස් තිබුණි .
සිනමන් එයාර් ගුවන් සමාගම 2013 වසරේ සිට නුවරඑළිය , ග්‍රෙගරි වැවේ සිට ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරන පළපුරුදු ගුවන් සේවාවකි .