24 වන දා උදේ 9 30ට පමණ ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට කතරගම දෙස සිට ගිය බස් රථයකට දළ ඇතෙකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලුම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ
ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පැමිණි 30ක් පමණ බැතිමතුන් අතරින් එක් තරුණියකට විදුරු කෑලි වැදි සුළු තුවාල සිදුව ඇතැයි සිතුල්පව්ව පොලිස් මුරපොලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.
මේ සම්බන්ධව සිතුල්ව්ව රජ මහා විහාරයේ විහාරාධිපති මැටරඹ හේමරතන නායකයන්ගෙන් අප කල විමසීමේ දී උන්වහන්සේ පැවසුවේ ඔය කියන සිද්ධිය සත්‍ය බවත් මේ කපිල නැමැති දළ ඇතා පසුගිය වසර තුනක් පමණ තුළ වාහන 500කට අධික ප්‍රමාණයකට මේ අයුරින් පහර දී බැතිමතුන් හිරිහැරයට හා කරදරයට පත් කර ඇති බවයි
මෙම ඇතා මෙම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස අදාල අංශ වෙත ලිපි මගින් හා වාචික වසර ගණනාවක් සිට ඉල්ලුම් කලත් මෙතෙක් පලක් නොවු බව සිතුල් පව්ව විහාරාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවසීය
කතරගම දෙස සිට යාල වන මැද ඇති සිතුල්පව්ව විහාරස්ථානයට කිලෝමීටර් 10ක් පමණ මෙසිට කතරගමුව ගල් වංගුව යන ප්‍රදේශයේ දී කපිල නැමැති දල ඇතා පෝස්ටර් වර්ගයේ වන්දනා පිරිස රැගත් බස් රථයට පහර දී ඇතැයි වන ජීවි හා ආරක්ෂක අංශ කියයි
මෙම ඇතා පහර දීම හේතුවෙන් බස් රථයේ පිටුපස වීදුරුව හා දෙපස වීදුරු බොහොමයක් කැඩි බිදී ගොස් ඇති අතර බස් රථය ඇතුලත හා වහලයේ රදවා තිබු සියලුම පාර්සල් හා බෑග් හට්ටි මුට්ටි පවා ඇඳ දමා තිබු තිබෙන අයුරු ජායාරුපයේ දැක්වේ
ඇත්කදුරේ ජනත් ද සිල්වා

