සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම අගනගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධන කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයට ක්‍රියාවට නැන්වෙමින් දිස්ත්‍රික්ක 7ක අග නගර 7ක්, මහ නගර සභා ලෙස උසස් කිරීමේ පළමු අදියරේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මහ නගර සභා ලෙස උසස්වීම් ලැබූ නගර සභා 7න්, පළමු ගැසට් නිවේදන නිකුත් වී ඇත්තේ වව්නියාව, කළුතර, කෑගල්ල, පුත්තලම හා ත්‍රිකුණාමලය යන පළාත් පාලන ආයතනයන් (නගර සභාවන්) සඳහාය. අම්පාර සහ මන්නාරම නගර දෙකද ඇතුළුව මෙම නගර සභා 7 ම, මහ නගර සභා බවට පත් කිරීමට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මීට පෙර අනුමැතිය ලැබිණි.
මෙසේ මහ නගර සභා බවට උසස් කිරීමකට ලක් කරන ලද පළාත් පාලන ආයතන 7 න් 5 ක්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස නිකුත් කළ, අංක 2296/05 හා අංක 2296/37 දරණ අති විශේෂ ගැසට් පත්‍ර යටතේ මහ නගර සභා බවට පත් කොට ඇත.
ඉතිරි නගර සභා දෙක වන මන්නාරම හා අම්පාර යන පළාත් පාලන ආයතන මහ නගර සභා බවට පත් කෙරෙන ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
මෙලෙස මහ නගර සභාවක් ලෙස ස්ථාපිත වන්නාවූ කළුතර නගර සභාව ආරම්භ කොට ඇත්තේ 1923 ඉංග්‍රීසි පාලන සමයේදී වීම තුළද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගත් මෙම පියවරේ ඓතිහාසික බව විශේෂත්වය පැහැදිලි වේ.
මහ නගර සභාවක් බවට පත්වීම තුළ අදාළ පළාත් පාලන ආයතනයට විශාල වරප්‍රසාද ප්‍රමාණයකට හිමිකම් කිව හැකි අතර මහ නගර සභා ආඥා පනත යටතේ ස්වභාවිකව එම පළාත් පාලන ආයතනය සුවිශේෂී නීති උරුමයන් රාශියක් හිමිකර ගනී.
ඒවා අතරට, විශේෂ බදු ආදායම් ලැබීමට මෙන්ම, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, සමාජ සුබසාධන ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිපාලනය සඳහා වන නීති රෙගුලාසි ද ඇතුළත් වන්නේය. මහ නගර සභාවක් වීම තුළින්, සභාව මෙන්ම එ තුළ ජීවත් වන ප්රජාවත් සවිබල ගැන්වේ. මෙම ආඥා පනත මගින් එකී සභාව තුළ ජීවත් වන ප්‍රජාවටත් ආර්ථික ආයතනවලටත්, වඩාත් වැඩි අයිතිවාසිකම් හා පහසුකම් සහතික කරන්න අවශ්‍ය පදනම ලබා දෙයි
මෙම සමස්ත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රධාන අගනගරයන් වටිනාකමින් වැඩි ශක්තිමත් බිම්මට්ටමක් සහිත නව පිබිදීමක් ඇති කර ගනිමින් ජාතික ප්රගමනයට එකතු වනු ඇත.