දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අද (19දා) උදෑසන දුම්රියක් පීලිපැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවිය.
දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7 ට මරදාන බලා ගමන් ගන්නා අංක 326 දරණ සීග්රගාමී දුම්රිය , දුම්රිය අංගනයේ සිට පළමුවන වේදිකාවට යොමුකිරීමේදී මෙසේ පීලි පැන තිබේ.
දුම්රිය මාර්ගයේ එක් පීල්ලකට සහ කොන්ක්රීට් කොට පහකට හානි සිදුව ඇති අයුරු දැකගත හැකිවිය.
කොළඹ දෙස සිට ගාලු දෙසට ගමන් ගන්නා මංතීරුව දුම්රිය ස්ථානය ආසන්නයේ මුළුමනින්ම අවහිර වී තිබූ බැවින් අනෙක් මංතීරුවෙන් පමණක් දුම්රිය ධාවනය කෙරිණි.
පානදුර සුමිත් පොතුපිටිය
