බොරැල්ල සියළු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන වෛද්‍යවරයා පැය දෙකට අධික කාලයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ඳා ජයසූරිය මහත්මිය හමුවේ රහසිගත ප්‍රකාශයක් කළේය.
සැකකාර වෛද්‍යවරයා රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒ ගැන යළි යළිත් සිතා බලන්නැයි මහෙස්ත්‍රාත්වරිය කළ දැනුම් දීමකින් අනතුරුව තමන් ප්‍රකාශයක් ලබා දීමට කැමති බව වෛද්‍යවරයා කළ දැනුම්දීමෙන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.
ඒ අනුව මහෙස්ත්රාත්වරියගේ නිල මැදිරිය තුළ පැය දෙකට අධික කාලයක් ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහසිගතව ප්‍රකාශයක් ලබාදී ඇත.