නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (16දා) කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය ජනවාරි 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 තොගයක් (ඇසුරුම් බර සහිත) සමඟ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තේය. එහි සිටි සැකකරුවන් ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඉහත විශේෂ මෙහෙයුම සිදුකරන ලදී.
