ඌව කුඩා ඔය පොලිස් වසමට අයත් යුද හමුදා කඳවුර මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරිණු පිය පුතු දෙපළක් ලඟ තිබී රුපියල් ලක්ෂ තිස් පහක් පොලීසිය මඟින් (14) වෙනිදා සොයා ගෙන ඇත.
ඌව කුඩාඔය යුද හමුදා කඳවුර මඟින් ඒ ආසන්න රක්ෂිත ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කුඩා ඔය පොලීසියට දැනුම්දී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ කුඩාඔය පොලීසිය රක්ෂිතයේ සිටි දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගමන් මල්ලේ තිබී රුපියල් ලක්ෂ තිස් පහක් සොයාගෙන ඇත.
ඔවුන් දෙදෙනා හම්බන්තොට තිස්සමහාරාම පාරේ පදිංචි 44 සහ 22 යන වියෙහි පසු වන පිය පුතු දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාව බිරිඳ විසින් ඝාතනය කිරීමට සැලසුම් කරන බවත් එබැවින් මෙසේ පැන ආ බවත් එසේ එන විට බිරිඳගේ රන් ආභරණ රැගෙන විත් බැංකුවට උකස් කළ බවත් පවසා ඇත.
15 වෙනිදා උදෑසන බිරිඳ පොලීසියට පැමිණ ඇති අතර ඇය පවසා ඇත්තේ සැමියා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බව බවත් මීට පෙර අතවර සිද්ධියකට සම්බන්ධව බන්ධනාගාර ගතව සිටි අයෙකු බවයි.
22 හැවිරිදි පුතා අපොස උසස් පපෙළ විභාගයට පෙනී සිටි අයෙකි.පිය පුතු දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටින අයවලුන් බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. කුඩා ඔය පොලිස් ස්ථානය එස්.ටී.එම් රියාස් මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක