බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
තමාට පනවා තිබෙන සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සාරුව ලියනගේ සුනිල් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් පී.කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.