සායනික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයට වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් වෙලා
ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන් ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇත විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙකි උපකරණය රෝහල ආරම්භකොට දින පහක් පමණ කාලයක් භාවිතාකොට තිබුණි. ඉන්පසු මෙකි උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතා කිරිමට නොහැකිවි ඇත. රෝහලේ අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා මෙකි යන්ත්‍රය භාවිතා කළද ආසාධිත අපද්‍රව්‍ය ප්‍රමාණයේ වෙනසක් නොවිම, තෙත් බවක් ඇතිවිම සහ දුගද හැමිම, මෙහි hydroclave උපකරණය නිසි පරිදි ක්‍රියාත්මක වන බවට ක්ෂ්ද්‍රජිවි විශේෂඥ වෛද්‍ය තුමියගෙන් තහවුරුක් ලබා ගෙන නොතිබිම වැනි හේතු නිසා මෙකි උපකරණය භාවිතා කිරිමට නොහැකිවි තිබුණි.
මෙම තත්ත්වය නිසා රෝහලේ සායනික අපද්‍රව්‍ය පුද්ගලික සැපයුම්කරුවෙකුට රැගෙන යාමට පවරා තිබුණි. මේ සදහා එම සැපයුම්කරුට ඉකුත් වර්ෂයේ (2024) මැයි මස සිට දෙසැම්බර් මස අග දක්වා කාලය තුල රුපියල් මිලියන 8.14ක මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ආරම්භකිරිමට පෙර මෙම කාන්තා රෝහල මහමෝදර ශික්ෂණ රෝහල නමින් පවත්වාගෙන ගොස් තිබුණි. එම රෝහලෙන් බැහැරවන සායනික අපද්‍රව්‍ය කළමණාකරණය කිරිම සදහා 2009 වර්ෂයේ දි අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණයක් පරිත්‍යාග ලෙස ලැබි තිබුණි. එහෙත් එම උපකරණය රෝහලට ලද දින සිට භාවිතයට ගෙන නොතිබුණි. එවන් පසුබිමක් තුල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහාද එම සමාගමෙන්ම එකි සන්නාමය යටතේ මෙම අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය 2023 වර්ෂයේ දෙසැම්බර් මස 28 වැනිදින මිලදිගෙන තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

