රුසියානු - යුක්රේන යුද්ධයේ නිමාවක් වෙනුවෙන් දෙරට අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා සාකච්ඡා සඳහා සියලු කටයුතු සූදානම් බව බෙලරුසියාව පවසයි.
බෙලරුසියා - යුක්රේන දේශසීමා ආසන්නයේ මෙම සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙපාර්ශ්වයට සාකච්ඡා කිරීම සඳහා වන මේසය බෙලරුසියාවේ විදේශ අමාත්‍යාංශය විසින් තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම සාකච්ඡාවලින් ධනාත්මක ප්රථිඵලයක් අපේක්ෂා නොකරන බව යුක්රේන ජනපතිවරයා මේ වන විටත් පවසා තිබේ.
මේ අතර ඩොලරයට සාපෙක්ෂව රූබලය වේගයෙන් කඩා වැටෙමින් පවති. රූබලය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් රුසියාව විවිධ ක්‍රියාමාර්ග ගන්නා අතර එහිදී ඔවුන් නවතම ක්‍රියාමාර්ගය ලෙස පොලී අනුපාත දෙගුණ කර තිබේ.
