සාපෙළින් දකුණ කප් ගහයි
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2025) ප්‍රථිපලවලට අනුව මෙවරද දකුණු පළාත සියයට 75.57ක ප්‍රතිශතයක් ලබාගෙන අනිකුත් සියලු පළාත් අභිබවා පළමු ස්ථානයට පත්ව ඇති බැව් සාපෙළ විභාග ප්‍රථිපල සම්බන්දයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාව මගින් අනාවරණය වි ඇත.
එම වාර්තාව අනුව සාමාන්‍ය පෙළ විභාගය සදහා දකුණු පළාතේ පෙනි සිටි සිසු දරු දැරියන් 39584 දෙනෙකු අතුරින් 29913 දෙනෙකු අ.පො.ස උසස් පෙළ හැදෑරිම සදහා සුදුසුකම් ලබාගෙන ඇත. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 75.57කි. විභාගයට පෙනි සිටි සිසු දරු දැරියන්ගෙන් 1614 දෙනෙකු විෂයයන් නමයටම ඒ සමාර්ත ලබාගෙන ඇත. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 4.08කි. සියලුම විෂයයන් අසමත් සිසුන් සංඛ්‍යාව 854කි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 2.16කි.
සා.පෙළ ප්‍රථිපලවලට අනුව දකුණු පළාතට අයත් අධ්‍යාපන කලාප 11 අතුරින් වලස්මුල්ල අධ්‍යාපන කලාපය පළමු ස්ථානයට පැමිණි ඇති අතර විභාගය සදහා පෙනි සිටි සිසුන් 3118 අතුරින් 2551 දෙනෙකු අ.පො.ස උසස්පෙළ හැදෑරිම සදහා සුදුසුකම් ලබා ඇත. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ එය සියයට 81.82කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

