මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සිටි පාසල් සිසුවියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මුන්දලම පුලිච්චන්කුලම වැවේ දිය නාමින් සිටියදි මෙම සිසුවිය ඊයේ (17දා) ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය උඩප්පුව පදිංචි අවුරුදු 17ක සිසුවියකි.
මියගිය සිසුවිය ඇයගේ මිතුරියන් සිව්දෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනියක් සමග වැවේ දිය නාමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබේ.