අපොස සාපෙළ විභාගය 2021 (2022) උත්තරපත්‍ර ඇගයීම සඳහා කරනු ලබන ගාස්තු සංශෝධනය කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අනුව උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සිදුකරනු ලබන පරීක්ෂණ මණ්ඩල සඳහා එක් උත්තර පත්‍රයක් සඳහා ගෙනන ගාස්තුව සංශෝධනය කර තිබේ.
එමෙන්ම පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා උත්තරපත්‍ර පරීක්ෂකවරුනට ගෙවනු ලබන දෛනික දීමනාවද සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව දෙපාර්තමේන්තුව පවසයි.