අරලගංවිල පොලිස් වසමේ බිම්පොකුණ ප්රදේශයේදී 03 වන දින රාත්රී කාලයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අරලගංවිල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 29 ක් පමණ වූ බිම්පොකුණ, අරලගංවිල ප්රදේශයේ පදිංචිකාරියකි.පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකාර පුරුෂයා අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.