මාතර වල්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සම්බාහන මධ්‍යස්ථානයකට (ස්පා) ගොස් එහි කළමනාකාරණය ට අයුතු යෝජනා කරමින් අශෝභන ආකාරයෙන් කතා කර එහි සේවය ලබා ගැනීමට උත්සාහ කළ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
මාතර,මාවරල, තිහගොඩ, යන පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු. මෙලෙස වැඩ තහනමට ලක් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය දිනක මොවුන් තිදෙනා ඉහත ස්ථානයට ගොස්. එහි කළමනාකාරිණියට මෙම යෝජනාව සිදුකොට එහි සේවය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාතර සහකාර පොලිස් අධිකාරි (1) කතා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම උසස් නිලධාරියා කීය.
පොලිස් සේවයේ හොඳ නමට කැළලක් ඇති විය හැකි අන්දමින් හැසිරීම, පොලිස් නිලධාරියෙකු වශයෙන් තම චරිතයේ සහ තත්ත්වය අනිසි අන්දමින් තම පුද්ගලික ප්‍රයෝජන සඳහා යොදා ගැනීම, යන කරුණු ඔස්සේ විමර්ශනයක් සිදුකර මාතර සහකාර පොලිස් අධිකාරි වරයා විසින් පෙරේදා (16) සිට බලපැවැත්වෙන පරිදි මෙම වැඩ තහනම සිදුකර ඇත.