රත්ගම ඕවකන්ද ප්ර දේශයේ ඊයේ (26) තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එක්දරු මවක් මියගොස් ඇයගේ මව බරපතල තුවාල ලබා රෝහල්ගත් කර ඇතැයි රත්ගම පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්ගම ඕවකන්ද ප්රදේශයේ පදිංචි ශර්මිලා ලක්ෂානි නමැති විසි හැවිරිදි එක් දරු මවකි.
මේ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ මිය ගිය කාන්තාවගේ මව කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබන බවද පොලීසිය කියයි.
පවුල් ආරවුලක් මත මේ පිහි ඇනුම සිදුව ඇති බවත් මෙයට සම්බන්ධ සැකකරු මිය ගිය කාන්තාවගේ ඥාති සොහොයුරෙක් බවත් ඔහු රත්ගම ප්රාදේශීය සභාවේ සේවකයෙක් බවත් පොලීසිය කියයි.
ඔහු මේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (26 )රෑම සැකපිට පශ්න කිරිඋම සදහා අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
