2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසරඋයන ක්‍රිඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2025.09.12 වන දින දහවල් කාලයේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දමන පොලිස් වසමේදී මෙම අපරාධයේ වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 710 ක් හා යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතෙ
සැකකරු වයස අවුරුදු 34 ක් වන දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු මීට පෙර ශ්‍රී ලංකා යුධ හමුදාවේ රාජකාරි කර 2015 වර්ෂයේ යුධ හමුදාවෙන් පලාගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.