සහල් හා ජල බෝතල් වැඩි මිලට විකිණූ වෙළඳුන් දෙදෙනෙකුට ලක්ෂ 6ක දඩ
සාචාරකයන් සහ පාරිභෝගිකයන් වැඩිපුර ගැවෙසන නුවරඑලිය නගරයේ ජල බෝතල් සහ සහල් වැඩි මිලට අලෙවි කරමින් ජනතාව පීඩාවට පත් කල වෙළෙදුන් දෙදෙනෙකුට නුවරඑලිය මහේස්ත්රාත් අධිකරණය මගින් (20) දින රු.ලක්ෂ 6ක දඩ මුදල් නියම කල බව පාරිභෝගික අධිකාරිය පවසයි.
රු.70ක් වන මිලිලීටර් 750ක පානීය ජල බෝතලයක් රු.100ක මුදලකට විකුණූ නුවරඑලිය නගරයේ ප්රසිද්ධ වෙළදසැළකට නුවරඑලිය මහේස්ත්රාත් අධිකරණය මගින් රු.ලක්ෂ 5ක දඩ නියම කර ඇත.
තවද, උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරමින් නීතිය කඩ කල තවත් වෙළදසැල් හිමියෙකුට නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයේ රු.ලක්ෂයක දඩයක් (20) දින නියම කරනු ලැබූහ.
පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ නුවරඑලිය දිස්ත්රික්කයේ නිළධාරින් විසින් මෙම වැටලිම් සිදු කර තිබුණි.
තවද, හැටන් නගරයේ පිහිටි වෙළදසැලක දේශීය කීරිසම්බා වැඩි මිලට අලෙවි කල වෙළදසැල් හිමියාට හැටන් මහේස්ත්රාත් අධිකරණය මගින් (20) දින රු.ලක්ෂයක දඩ නියම කර ඇත.
දේශීය කීරි සම්බා සහල් කිලෝවක් සදහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රු.260ක් වූවත්, එම වෙළදසැල මගින් එම කිරි සම්බා සහල් කිලෝවක් රු.380ක මිලකට අලෙවි කරමින් පාරිභෝගිකයන්ගෙන් කිරි සම්බා කිලෝවක් සදහා රු.120ක මුදලක් වැඩිපුර අයකරගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

