2022-2023 මහ කන්නයේ අස්වැන්න මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක පමණ අතිරික්තයක් රට තුළ පවතින බවත්, ඒ අනුව ඉදිරියේදී සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟය පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම සාකච්ඡාව පවත්වා තිබූ අතර, එහිදී දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වාදී ඇත්තේ, වෙළෙඳ පොළ තුළ මේ වනවිට කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟයක් ඇති නමුත් එම හිඟය වෙළෙඳ ප්‍රජාව විසින් කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් වන බවයි.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වුවද, අදාළ කන්නය තුළ හෙක්ටෙයාර් ලක්ෂ 08ක වී වගා කර සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ඇති බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
එසේම BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය අක්කර 175,000ක වගා කර මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇති බවත්, ඒ අනුව කීරි සම්බා සහල්වල කිසිදු හිඟයක් රට තුළ තිබිය නොහැකි බවත් නිලධාරීන් පෙන්වාදී ඇත. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇති පරිදි අදාළ කාලය තුළ මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් 07෴ක කීරි සම්බා වී ප්‍රභේදය වගා කර තිබේ.