සහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01දා) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
අවශ්‍ය ප්‍රමාණයට සහල් රටේ දැනට පවතින බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර ඇත.