පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන්ට අයත් බව කියන මාතලේ ,මහවෙල පොලිස් වසමෙි කැටවල,හතමුනගාල ප්‍ර දේශයේ පිිහිටි අක්කර 21ක පමණ ඉඩම වන අලින්ගේ වාසභුමියක් කරගෙන තිබෙන බව මාතලේ දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මාතලේ දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්වීමෙිදි අනාවරණය විය.
මාතලේ ප්‍රා දේශීය ලේකම් කාර්යාල රැස්වීමිි ශාලාවේදී මෙම කමිටු රැස්වීම පැවැත්විණි. මේ සම්බන්ධව කරුණු දැක්වු මාතලේ ප්‍රා දේශීය ලේකම් බි.පි.සේනාධිර මහතා කියා සිටියේ මාතලේ නගරයට ආසන්න ගමිමාන වලට කඩා වැදි සිටින වනඅලි මෙම ඉඩම ඔවුන් ගේ වාසභුමියක් කරගෙන සිටින බවය.
සහරාන්ට අයත් දැනට රජය යටතේ පවතින මෙම ඉඩමේ සිමා මායිමි වෙන් කරගැනිමට මැණුමි කටයුතු කිරිම පිණිස මිණුම් දෙපාර්තමේන්තුවට දැනුම් දි තිබෙන නමුත් එම කටයුත්ත මෙතෙක් ඉටුවි නොමැති බව ප්‍රා දේශීය ලේකම්වරයා කමිටුවට දැනුම් දුන්නේය .
මෙම ඉඩම පිළිබදව විමසිමේදී මහවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප.සිරිවර්ධන මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සමයේ මෙම ඉඩම ඔවුන් ගේ යුධ පුහුණු මධ්යයස්එානයක් පවත්වා ගෙන ගිය බවට තොරතුරු හෙලිවි තිබෙන බවය.
මුඩුබිම් ඉඩම් වගාකිරිමට සැලසුම් කිරිමේ රජයේ නව වැඩපිළිවෙළ යටතේ මෙම ඉඩම යෙදවිමට කමිටුව තිරණය කළේය .