පාස්කු දා ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ බව කියන මෙන්ම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ තමිල්නාඩු මොඩියුලයේ මහ මොලකරු ලෙස පැවැසෙන මොහොමඩ් අසාරුදීන් ඉන්දීය ජාතික විමර්ශන ඒ්කකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ශ්‍රී ලංකාවේ මරාගෙන මැරුණ ත්‍රස්තයෙක් වූ සහරාන් හෂීම් සමග ෆෙස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශන වලින් හෙළිව තිබේ.
ඉන්දීය ජාතක විමර්ශන ඒජන්සිය විසින් බදාදා කොයිම්බතූර් හි ස්ථාන හතක කළ සෝදිසි කිරීම් වලින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම සෝදිසි කිරීම්වලදී ජංගම දුරකථන 14ක්, සිම්කාඩ්පත් 29ක්, පෙන් ඩ්‍රයිව් 10ක්, ලැප්ටොප් තුනක්, මතක කාඩ්පත් 6ක්, දෘඪ තැටි හතරක්, අන්තර්ජාල ඩොංගලයක් සහ සීඩී/ඩීවීඩී 13ක්, කිනිස්සක්, විදුලි බැටන් පොල්ලක් මෙන්ම ලියකියවිලි විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව ජාතික විමර්ශන ඒජන්සිය කියයි.
මේ වන විට ඒජන්සිය විත්තිකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති තිබේ. 32 හැවිරිදි මොහොමඩ් අසාරුදීන් සහ කොයිම්බතූර්හි තවත් පුද්ගලයින් පස් දෙනෙකු එක්ව අයි.එස්.අයි.එස්. තමිල්නාඩු මොඩියුලය ස්ථාපිත කර ඇති අතර එයට එරෙහිව මේ වසරේ මැයි 30 වන දින නඩුවද ගොනු කරන ලදී.
විත්තිකරුවන් සහ ඔවුන්ගේ සගයන් සමාජ මාධ්‍ය ඔස්සේ ISIS මතවාදය ප්‍රචාරය කරමින් තරුණයින් බඳවා ගන්නා බවට තොරතුරු ඒජන්සියට ලැබී තිබුණි.