පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ 64 දෙනා දෙසැ . 19 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.
නුවරඑළියෙහි ඇති ජාතික තවුහිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවටගත් කාත්තාන්කුඩිහි පදිංචි කරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසු කරන ලද විමර්ශන මත මොවුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
අද (5) දින මඩකලපුව මහේස්ත්රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් ඉදිරියේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී
මඩකලපුව - ටි. ඒල් ජව්ෆර්කාන්