හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එවැනි අණ පනත් වේ නම් ඒවා සංශෝධනය කරන ලෙස ද ජනපතිවරයා උපදෙස් දුන්නේය.
විපතට පත්වූවන් උදෙසා වන සහන වැඩපිළිවෙල සමාලෝචනය කිරිමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේය.
විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින් සම්පාදනය කළ යුතු අතර කිසිදු පුරවැසියෙකු අපහසුතාවට පත් නොකළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආපදා තත්ත්වය පහව යාමත් සමග නැවත පදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ද අදාළ අංශ දැනුවත් කෙරිණ.
ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිය.