දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට දියගම රාජ්‍ය බැංකුවක ඒ ටි එම් යන්ත්‍රයක් ඉදිරිපිට දී පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙක් සි සි ටි වි දර්ශන ඔස්සේ හඳුනාගෙන අද 23 අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි .
ඒ ටි එම් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිසිය කියයි
පහර කෑ සිසුවා තවත් සිසුවකු සමග ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට සමගින් ඊයේ 22 දහවල් මුදල් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී බහින්බස් වීමක් ඇති වී තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය .
අවස්ථාවේදී එම පුද්ගලයන් විසින් සිසුන් දෙදෙනාට බැණ තර්ජනය කරමින් සිටින අවස්ථාවේ සිසුන් විසින් ජංගම දුරකථනයෙන් එම පුද්ගලයන්ගෙන් ඡායාරූපයක් ලබා ගැනීම හේතුවෙන් එම පුද්ගලයන් විසින් අතින් පහරදීමක් සිදුකර තිබූ බව පොලිසිය කියයි .
පහරදීමට ඒක සිසුවකුගේ පපු ප්‍රදේශය ද සුළු තුවාල සිදුවී තිබූ බව පොලිස් නිලධාරියා පැවැසීය
දෙපාර්ශවය අතර බහින්බස් වීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය නොවන බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් පුද්ගලයන් කහතුඩුව හා දියගම පදිංචිකරුවන්ය
සැකකරුවන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ