ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට උනන්දුවක් දක්වන සීෂෙල්ස් හි පදිංචිව සිටින සහ සේවය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් සැලකිල්ලට ගනිමින්, රට තුළ පවත්නා රෙගුලාසි හා නිරෝධායන පහසුකම් අනුව ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.
සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලාංකිකයන් සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වන බවත් ශ්‍රී ලංකා සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය සහ ලක්ස්ටාර් ක්‍රිකට් සමාජය ඇතුළු දූත මෙහෙවරේ නායකත්වය යටතේ ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට මූලික පියවර ගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරයෙන් මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වියහැකි පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් අංකයක් ස්ථාපිත කර ඇතැයි අමාත්‍යාංශය දන්වයි..
රැකියා අහිමිවීම, රැකියා කොන්ත්‍රාත්තු අවසන් කිරීම සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවය හේතුවෙන් දැනටමත් ගුවන් ටිකට්පත් මිලදී ගෙන ඇති ශ්‍රී ලංකාවට ආපසු යාමට ඇති කැමැත්ත ප්‍රකාශ කරමින් දූත මෙහෙවරෙහි ලියාපදිංචි වී සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන් සමඟ අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගෙන යන බවත් අමාත්‍යාංශය පවසයි.