ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානපති කාර්යාලයේ සේවය කරමින් සිටියදී පැහැරගැනීමකට ලක්වූ බව කියන සේවිකාවට රටින් පිටවීම වළක්වමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව ඇයගෙන් ප්රකාශයක් ලබාගන්නා තෙක් එළැඹෙන 09 දා තෙක් ඇයට රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළේය.