ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව සඳහන් සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට තානාපති කාර්යාලය සහය ලබා නොදෙන බව පවසමින් මහජන යුතුකම කේන්ද්‍රය අද (05දා) එක්සත් ජාතීන්ගේ කාර්යාලයට විශේෂ ලිපියක් භාරදීමට කටයුතු කළේය.
පැහැර ගත් බවට සඳහන් කරන නිලධාරිනිය රෝගී තත්ත්වයකින් පෙළෙන බවට ස්විස් තානාපති කාර්යාලය සඳහන් කරන බවත්, එහෙත් එම නිලධාරිනිය ප්‍රතිකාර කටයුතුවලට යොමු නොකරන බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලබාදුන් ලිපියේ සඳහන් කළ බවත් එම කේන්ද්‍රයේ සාමාජික %සිංහලේ අපි^ සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරවෙල ජෝති හිමියෝ අවධාරණය කළහ.
යම් ආකාරයකට මෙම නිලධාරිනියට අගතියක් සිදුවුවහොත් එහි වගකීම ශ්‍රී ලංකාව මත පැටවෙන බවත්, මේ නිසා එවැනි දෙයක් සිදුවුවහොත් එහි වගකීම ස්විස් තානාපති කාර්යාලය භාර ගතයුතු බවටත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට දැන්වූ බව උන්වහන්සේ පවසා සිටියහ.
මේ නිසා රට තුළ සිදුකරන පරීක්ෂණවලට සහය ලබාදෙන ලෙසට හා රෝගීව සිටින බවට සඳහන් නිලධාරිනිය ප්‍රතිකාරවලට යොමු කරවන ලෙසටත් ඉල්ලා සිටි බව උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ.
VIDEO