ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කල නිලධාරිනියට කිසිම කරදරයක් හෝ කිසිකෙනකුන් විසින් පැහැරගෙන ගොස් නැති බවත් කුමක් හෝ වෙනත් අරමුණකින් ඇයව පැහැරගත් බව කියමින් විශාල රංගනයක යෙදෙන බව පැහැදිලි කරන සාක්ෂි විශාල සංඛ්‍යාවක් රජයට හමුවි ඇති බව ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය එස් බි දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ ගෙලිඔය කරමඩ ශ්‍රී වේඵවණාරාම ජනපුබුදු පෙර පාසල් විවිධ ප්‍රසංගය හා ත්‍යාග ප්‍රධාන උත්සවය සදහා අද (06) විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේද පැවැසිය,
“ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කල නිලධාරිනිය සිටි ස්ථානයෙන් ඒ කියන වෙලාවෙ පැහැරගැනීමක් හෝ වෙනත් සිද්ධියක් වෙලාම නැ. මැය ගිය තැන් බැස්ස තැන් ආපු තැන් මේ සියල්ල පිළිබඳව සියලු තොරතුරු ඡායාරූප සිසිටීවි විඩියෝ දර්ශන අද ශ්‍රී ලංකා රහස් පොලීසිය එකතු කරගෙන තියෙනවා. ඇත්තටම ඒ තොරතුරු වලට වසන් වෙලා යම් සිද්ධියක් වෙලා තියෙනවනම් කල යුතු හොඳම දේ තමයි මේ කාන්තාව ඉදිරිපත් වෙලා ඒ පිළිබඳව අපේ පොලීසියට අපේ පරික්ෂණ මණ්ඩලයට ඒ තොරතුරු දිල එහෙම යමක් කවුරු හරි කරල තියෙනවනම් ඒ අයව අල්ලගන්න උදවු කරන එක.
එහෙම කළොත් ඇයට සියලුම රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන බවට මේ වනකොටත් අපේ රජය හා විදේශ අමාත්‍යතුමා ප්‍රකාශ කර තිබෙන බවද පැවැසිය.
ඇයව ස්විස්ටර්ලන්තයට ගෙනියන්න උත්සාහ දරද්දි එහෙම යෑමට ලංකාවට නීත්‍යානුකුල ඉඩක් නොමැති නිසා තමයි පොලීසිය ගිහින් අධිකරණ නියෝගයක් අරගෙන ඇයට ඇවිත් කට උත්තරයක් දීල මේ පරික්ෂණයට උදවු කරන්න කියන්නෙ. ඉන් පස්සෙ ඇයට යන්න උනත් පුළුවන් බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
මේ කාන්තාව මවා පෑ රංගනය හරහා රජයටත් අලුත පත්වෙච්ච ජනාධිපතිතුමාටත් විශාල අපහාසයක් කැලලක් කරන්න දරපු උත්සාහයක් අද වැළකිලා ගිහින් තියෙන බව පේන්න තිබෙන බවත් එයට වඩා වෙනත් දෙයක් හිතෙනවනම් ස්විස්ටර්ලන්තය හා තානාපති කාර්යාලය මේ පරික්ෂණයට ඒ අයත් එකතුව ආධාර කරන්න කියා රජය විසින් ඉල්ලා සිටින බවත් ස්විස්ටර්ලන්ත රජය අපිට හා අපේ රටට කැලලක් වන විදියේ අසාධාරණයක් වෙන්න ඉඩතියයි කියා තමන් විශ්වාස නොකරන බවද” එස් බි දිසානායක මහතා පැවැසිය.