ස්විස් තානාපති කාර්යාල සිදුවීමට දෙරටේ ආණ්ඩු මැදිහත් නොවිය යුතුයි
කොළඹ ස්විස් තානාපති කාර්යාලයෙ සේවිකවක පැහැර ගැනීමක් කළා යැයි කියන සිදුවීම ගොතන ලද්දක් බැවින් දෙරටේම ආණ්ඩු එයට මැදිහත් නොවී නෛතික ක්‍රියාමාර්ගයන්ට ඉඩ දිය බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (19දා) විදෙස් මාධ්‍ය ආයතන නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
සිද්ධියට සම්බන්ධ කාන්තාව තානාපති කාර්යාලයේ සේවිකාවක බැවින් ස්විස් තානාපතිවරයා ඇය වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවන බවද ජනපතිවරයා පැවැසිය.
චෝදනා කර ඇති ආකාරයේ පැහැර ගැනීමක් කිසිසේත්ම සිදුවී නොමැති බව පැවැසූ ජනපතිවරයා තාක්ෂණික සාක්ෂිවලින් ඒ බව සනාථ වී ඇති බවද පෙන්වා දුන්නේය.
-
Gamage Friday, 20 December 2019 10:09 AM
හොරාගේ අම්මා ගෙන් පේන අහනවා වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
