ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත රජය විසින් ප්රතික්ෂේප කර තිබේ.
ඩේලි මිරර් පුවත්පත ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු ෆෙඩරල් දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ශ්රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා කොළඹ සිටිමින් සිය රාජකාරී සිදුකරන බවයි.