ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු සලකා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්තය තානාපතිවරයෙක් වන ජොග් ෆ්‍රිඩෙන් මහතා ශ්‍රී ලංකාවට එවීමට එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව තවදුරටත් ශ්‍රී ලංකා රජය සමග ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ පිළිබඳව ස්විට්සර්ලනත්යේ විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග දුරකතන සංවාදයකට එක්ව තිබේ.
එහිදීද කවුන්සිල්වරයා පවසා ඇත්තේ මේ පිළිබඳව කටයුතු කිරීම සඳහා ස්විට්සර්ලන්තය නිලධාරියෙකු ලංකාවට එවීමට කටයුතු කරන බවයි.