කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යෑමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම සිද්ධියෙන් නිශ්චල හා චංචල දේපොළ රැසකට හානි සිදුවූ අතර එසේ හානි වූ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ අනෙකුත් විවිධ දේපොළ සඳහා ගෙවිය යුතු වන්දි ගෙවීමට රජය මේ වනවිට කටයුතු කර ඇත.
එසේ වුවුද හානියට ලක්වූ නමුත් නියමිත වන්දි මුදල් නොලැබුණු වාහන සඳහා වන්දි ගෙවීමට වාර්මාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.