සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවනම් රට ගොඩ ගන්න හැකියාව තිබුනා
වත්මන් රජය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූයේ නම් මෙරට දී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා විදේශ ආධාර ලබා ගැනීමට හැකියාව තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවසීය .
හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ අද (09) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවැසීය .
%විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය අපට තවම කියන්න බෑ මොන මට්ටමකින් පාර්ලිමේන්තුවේදී විවාද වෙයිද කියලා එය ගිය සතියේදී විවාද කොට සම්මත කිරීමටයි තිබුණේ. නමුත් එය කල් ගියා සභාවට ඉදිරිපත් කොට එය කල් ගිය නිසා ඉදිරියේදී යම් යම් සංශෝධන ඇතිවෙන්න පුළුවන්. ඒත් සිදුවන සංශෝධන ප්රජාතන්ත්රවාදී සංශෝධන විය යුතුයි. ප්රජාතන්ත්රවාදය, ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් වන සංශෝධන ඊට ඇතුළත් විය යුතුයි .
විසිවන සංශෝධනයට මම ඡන්දය දුන්නෙ නැති කෙනෙක්. විසිවැනි සංශෝධනය අහෝසි විය යුතුයි මගේ කාලේ ගෙන ආ දහනමවැනි සංශෝධනයේ තිබූ යම් යම් අඩුපාඩු නිවැරදි කොට ඒ අයුරින් සම්මත විය යුතුයි. ජනතාවගේ කුසගින්න, ඖෂධ ප්‍රශ්න, කෘෂි කර්මාන්තයේ ප්‍රශ්න, සෞඛ්‍ය ක්ෂෙත්රයේ ඇතිවී තිබෙන ගැටලු, අධ්‍යාපනයේ ඇති වී තිවී තිබෙන විශාල අවුල්සහගත තත්ත්වය, ප්‍රවාහන ප්‍රශ්න, වැනි විශාල අවුල් සහගත අවුල්සහගත තත්ත්වයකයි රට තිබෙන්නේ . මේ ප්‍රශ්න රටක් විදිහට සියලු දෙනා එකතුවී විසඳා විසඳාගත යුතු ප්‍රශ්න .
අපේ කට්ටියත් මේ වන විට රජයට එකතු වී සිටිනවා තවත් එකතු වෙන්න සිටිනවා ද කියා අපි දන්නේ නැහැ . අපි ඇමතිධූර ගන්නේ නැහැ අපි යෝජනා කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. නමුත් මේ වනවිට සර්වපාක්ෂික ආණ්ඩුවක් නැහැ . සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වූයේ නම් ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා . ආධාර ලැබෙනවා , ණය ලැබෙනවා , රට මේ තිබෙන තත්වයෙන් ඉක්මනින් ගොඩ ගන්න තිබුණා . නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂය අයම කැමැති වුණේ නැහැ . මේ තත්ත්වය උඩ සර්ව සර්වපාක්ෂික රජයකට නිල වශයෙන් අපට එකතු වීමට හැකියාවක් නැහැ . නමුත් රටේ තිබෙන බරපතළ දැවෙන ප්‍රශ්න විසදාගැනීම සඳහා රජය ජනතාවගේ යහපත උදෙසා ගන්නා වූ තීන්දු තීරණ වලට අපි සහයෝගය දෙනවා .
පොදුජන පෙරමුණ කළුතරින් ආරම්භ කළ නව දේශපාලන වැඩසටහන කෘතීම වැඩසටහනක් බව ද එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Dayan Sunday, 09 October 2022 01:24 PM
It's true. lf a genuine all party government was formed we would have seen good progress by now. But still Rajapaksa government is there. They will not give up until the country is fully sold out.
Reply : 0 0
LGPJ Monday, 10 October 2022 08:54 AM
What you have done earlier ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

