සර්ප දෂ්ඨනයකට 11 හැවැරිදි දැරියක් බිලි
හෝමාගම ගොඩගම සුභාරතී විද්‍යාලයේ හය වසරේ ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි පාසල් දැරියක් සර්පයකු දෂ්ට කිරීමෙන් (16) දා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ සමගි මාවතේ පදිංචි ඒ. සමන්මලී නමැති (11) හැවිරිදි පාසැල් දැරියකි.
මෙම පාසැල් දැරිය ඉකුත් 14 දා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී පාදයේ ඇති වූ සුළු තුවාලයකට ප්ලාස්ටරයක් මිළදී ගැනීම සඳහා සිය නැන්දනිය සමඟ නිවසට යාබද වෙළඳසැලකට ගොස් තිබේ.
ඒ යන අතරතුර දී එක්වරම "මගේ කකුල කඩියෙක් කෑවා" යනුවෙන් දැරිය පවසා ඇති අතර පසුව නිවසට ගොස් රැදී සිටියදී රාත්‍රි දැරියට බඩේ අමාරුව සෑදී ඇති අතර රාත්‍රී වමනය කළ බව දැරියගේ මව ගීතා නන්දනී මහත්මිය පැවසුවාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉන් පසුව එදින රාත්‍රි ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවත් එදිනම රාත්‍රී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවත්ය.
පසුව එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී (16) දා මෙසේ මියගොස් ඇති අතර මෘත දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව විෂක් ශරීර ගත වීමෙන් වූ බවට අනාවරණය වී ඇතැයි දැරියගේ මව වන ගීතා නන්දනි මහත්මිය පැවසුවාය.
ඒ අනුව මියගිය දැරියගේ මෘත දේහය අද (17) දා හෝමාගම පනාගොඩ සමගි මාවතේ පිහිටි දැරියගේ නිවසට රැගෙනවිත් ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 18 දා ගොඩගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

-
Ananda Wednesday, 18 October 2023 01:13 AM
තවමත් මේ රටේ විසකුරු සර්පයින් ආරක්ෂා කරන පුද්ගලයින් සහ සංවිධාන තිබේ.විසකුරු සර්පයින් දුටු තැන මරා දැමිය යුතු බවට මම අන්තර් ජාලයේ අදහස්ප ළකල හැම විටම මොවුන් අප්‍රභංස කතා කියමින් එය විවේචනය කරයි.දැන්වත් මොවුන්ට නුවන පහල වේවා!!! විසකුරු සර්පයින් දුටු තැන මරා දමනු
Reply : 0 0
Ajith Weerabaddana Sunday, 22 October 2023 12:09 AM
මේ දෂ්ඨ කල සර්පයා මොකෙක්ද කියලා නෑ නේ. ලංකාවේ සිටින උග්‍ර විෂ සර්පයන් පස් දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕනිනෙ. වෛද්‍යවරුන්ගෙන් විමසලා හරියට විස්තර දාන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

