සරසවි සිසුවියන්ට ලිංගික අතවර වෙනවා
මෙරට මත්ද්‍රව්‍ය උවදුරු මැඩලිම සඳහා සිංගප්පුරුවේ නිති රිති මෙරටට ගැලපෙන ආකාරයට සකස් කිරිමට අදාළ ක්‍රියාමාර්ග ගැනිමට සුදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දි ඊයේ (27දා) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
“වර්තමානයේදි මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා .ඇතැම් පිරිස් වසර ගණනාවක් සරසවි සිසුන් ලෙස පෙනි සිටිමින් නවක සිසුන්ට නවක වදය ලබා දිමට කටයුතු කරනවා. ඇතැම් විශ්ව විද්‍යාලවල සිසුවියන්ට ලිංගික අතවර පවා සිදුව ඇති බවට අපට වාර්තාවෙලා තියනවා.
මේ තතත්වය අපි නැවැත්විමට කටයුතු කරනවා. මේ වන විට පාසල් වල ගුරු සංගම් හරහා පාසල් මට්ටමින් සිසුන් ද විවිධ ශිෂ්‍ය සංගම්වලට ක්‍රියාකාරින් ලෙස කටයුතු කිරිමටත් මේ වන විටත් කටයුතු කරනවා. විශ්ව විද්‍යාලවල සිසුන්ගේ ඔලු කන ඇතැම් දේශපාලන පක්ෂවල කල්ලි විසින් මෙය සිදු කරනවා. රටේ හොදම පිරිස තමයි විශ්වවිද්‍යාලවලට පැමිණෙන්නේ මොවුන් අධ්‍යාපනය ලැබු පසු රටට නිසි ප්‍රයෝජනයක් ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්.
පසුගිය කාලයේ උපාධිධාරින් පනස්තුන්දහසකට කිසිම සම්මුඛ පරික්ෂණයක් පවා නොතබා අපි රැකියා ලබා දුන්නා. දැන් ඒ පිරිසගෙන් රටට සේවයක් නිසි ආකාරව සිදු වෙනවාද කියන එක බැලිය යුතුයි.
රටේ මත්කුඩු ජාවාරම මෙනේම වෙනත් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් තරුණයින් අතර තියනවා. ඒවා පාසල් මට්ටමට පවා ඇවිල්ලා. ආරක්ෂක අමාත්‍යාංශය විදිහට මේවා මැඩලිම සදහා පියවර රැගෙන එමින් තියනවා. මාතලේ දිස්ත්‍රික්කයේ මේ වන විට වැටලිම් අපි ක්‍රියාත්මක කරනවා. නිතිවිරෝධි ආකාරයේ දේවල්වලට සම්බන්ධ කුමන තරාතිරමක පුද්ගලයකුට කිසිදු සමාවක් ද ලබා දෙන්නේ නෑ”
popular news
-
Undiyel Sunday, 27 November 2022 04:19 AM
janatha mudal mankolla karuvanta danduvam nathida ??? ena chandayedi rate inna labenne naha karapu saparadi VANCHA VALATA
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
