විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවලදී අද සිට ආරම්භ කෙරෙනවා.
එම එන්නත්කරන කටයුතු සිකුරාදා දක්වා සිදු කෙරෙන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ.
මෙරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට තමන් පදිංචිව සිටින ස්ථානයට ආසන්නයේම පිහිටි විශ්ව විද්‍යාලය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත් ලබාගත හැකි බවයි ඔහු සදහන් කළේ.