මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුණු මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද (05දා) පෙරවරුවේ එම විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
මේ උළෙල සංවිධානය කරන ලද්දේ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය විසිනි. .
එහිදී විදුහල්පති එන්. ජී.රන්බණ්ඩා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන ආ අයුරු හා එයට සහභාගී වු සිසුන් ඇතුළු මවුපියන් ද මෙහි දැක්වෙයි.
දෙවුම් සනහස් රණසිංහ සිසුවාගේ මවුපියන් වන්නේ මේ විද්‍යාලයේ අධ්යක්ෂ අනුර රණසිංහ හා අධ්යක්ෂීකා මල්කා රණසිංහ යන මහත්ම මහත්මීහු දෙදෙනා වෙති.
මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු දෙවුම් සනහස් රණසිංහ සිසුවා 2020 වසරේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව, 2021 වසරේ දී වානිජ විෂය ධාරාව හදාරා අ.පො.ස.උසස් පෙළ විභාගය ගණකාධිකරණය , ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයන යන විෂයයන් තුනට " B " සමර්ථය ලබා ගනිමින් ද විශිෂ්ට ලෙස සමත් වි ඇත.
මේ අනුව දෙවුම් සනහස් රණසිංහ සිසුවා මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීම සදහා තේරුණේය. .
ඩබ්ලිව් ඩී ඵමි විතානගේ / සුදත් පුබුදු කීර්ති