පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාග ප්‍රතිඵලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන කඩඉම් ලකුණු මෙම මාසය ඇතුළත නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මෙම කඩඉම් ලකුණු නිකුත් කරන නිශ්චිත දිනයක් කිව නොහැකි වුවද වැඩි කාලයක් නොගෙන මෙය නිකුත් කරන බවය.
මෙවර විශ්ව විද්‍යාලවලට සිසුන් 42,000ක් පමණ බඳවා ගැනිමට අපේක්ෂිත බවත් අයදුම්පත් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ලැබි ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.