වර්තමානය වන විට විශ්වවිද්‍යාල සිසුන්ට මත්ද්‍රව්‍ය නොමිලයේ ලබාදෙන තත්ත්වයක් ඇති බවත්, මෙය විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී ඊයේ (09දා) ජනපතිවරයා මේ බව පැවැසීය.
එසේම මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලංකාවෙ පැළ සිටුවීම සම්බන්ධයෙන්ද යුද්ධ දෙකක් ක්‍රියාත්මක කළ යුතු බවද ජනපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“දැන් තිබෙන සියයට 28ක් වූ වනාන්තරවලට සිදුවන්නේ කුමක්ද. සෑම වර්ෂයකම සියයට 1.4ක් මේ 1.5ක ප්‍රමාණයක් අපේ වනාන්තර විනාශ වෙනවා. සෑම වර්ෂයකම වන ඝනත්වය සියයට 1.4 ක් හෝ 1.5 ක් අඩුවීම තුළ තව වසර 10ක් ඉදිරියට ගියාම අපේ වන ඝනත්වය 19ක් වෙනවා. අපි කාන්තාරයක් කරා වේගයෙන් ඇදී යනවා. එක් පැත්තකින් ඖෂධ පැළ වගා කිරීමත් අනෙක් පැත්තෙක් සියලුම පැළ වර්ග සිටුවීම වැදගත්.
ත්‍රිවිධ හමුදාව සමග ජාතියේ පුනරුදය සඳහා අපි මේ කටයුතු සිදුකරනවා. අපට ත්රස්තවාදීන් පරාජය කර රටට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන් ත්‍රිවිධ හමුදාවට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා. රටේ අනාගතය වෙනුවෙන් අපට යුද්ධ දෙකක් තිබෙනවා. එකක් මත්ද්‍රව්‍ය තුරන් කිරීම. මෑතකදී සිවු දෙනෙක් මියගිය සිදුවීමේ එම සාදයට 800ක් සහභාගි වී තිබෙනවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමට රජය සහ ජනතාව ප්‍රමුඛත්වය නොදුන්නොත් රටට ඉතාමත් අඳුරු යුගයක් ඇතිවෙනවා. මෙය රටේ පොදු මහජනතාව සියලු ආගමික නායකයන් අවබෝධයකින් යුතුව මුහුණ දියයුතු ප්‍රශ්නයක්.
අපේ රටට ආසන්න එක් රටක ජනතාවගෙන් සියයට 50ක් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටිනවා. එවැනි රටවල්වලට ගොඩ එන්න බැහැ. මේ රට බෞද්ධ රටක් වගේම අනෙකුත් ආගම්වලට ආගමික නිදහස තිබෙන රටක්. නමුත් මේ රටේ සමාජ පරිසරය, ආර්ථිකය, විනය, සිරිත් විරිත් සදාචාරය, හැදියාව, සංස්කෘතිය මේ සියල්ල විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් විය හැකියි මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම. අද බොහෝ මත්ද්‍රව්‍ය නොමිලේ දෙන්නේ. විශ්වවිද්‍යාල ඇතුළට ගොස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉතා විෂ මත්ද්‍රව්‍ය අද නොමිලේ බෙදා දෙනවා. ඒවා විශ්වවිද්‍යාල පාලකයන්ට පාලනය කිරීමේ පුළුවන් තත්ත්වයක නැහැ. ඒ නිසායි මම කිව්වේ යුද්ධ දෙකක් තිබෙනවා කියා. එකක් මත්ද්‍රව්‍ය මර්දනය.
අනෙක් එක පැළ සිටුවීම යුද්ධයක් මෙන් මෙහෙයුමක් විදියට කරගෙන යෑම. කාලගුණික සහ දේශගුණික වෙනස්වීම් සමග අද අපි මුහුණදී තිබෙන තත්ත්වය ඔබ දන්නවා. අපේ අසල්වැසි මිත්‍ර රාජ්‍යයන්වල අද දවස ගත්විට දකුණු ඉන්දියාවේ කොටසක තිබෙන්නේ කාන්තාරයක තත්ත්වය. පාකිස්ථානයේ කරච්චි ප්‍රදේශ ගත්විටත් කාන්තාර තත්ත්වයක් දක්නට ලැබෙන්නේ. අපේ රටේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2/3ක බරපතළ නියඟයක් තිබෙනවා.” යැයි පැවසීය.