මෙරට විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව සහ 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත.
මෙයට අමතරව විශ්ව විද්‍යාල වෙත වාර්ෂිකව ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන අදාළ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගෙන රඳවා තබාගෙන තිබෙන බවත් ඒ අනුව 2017.12.31 වන දිනට විශ්ව විද්‍යල විසින් රඳවා තබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1,416ක් බවත් කෝප් කමිටුව විසින් ඊයේ (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිය සිව්වන වාර්තාවෙන් හෙළි වී තිබේ.
විශ්ව විද්‍යාල විසින් මෙලෙස බැංකු ගිණුම් වල මුදල් ආයෝජනය කිරීම වෙනුවට විශ්ව විද්‍යාල කටයුතු වෙනුවෙන් යෙදවූයේ නම් භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කරගැනීම තුළින් ඒක පුද්ගල ණය බර අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බව ද කෝප් කමිටු වාර්තාවෙන් අණාවරණය කර තිබේ.
මේ අතර විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව හා එයින් තෝරාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2013/14 වර්ෂයේ සිට 2017/18 දක්වා වර්ෂ 05 ක කාලයක් තුළ 45% සිට 38.7% දක්වා අඩු වී ඇතැයිද මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත.
විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ කාර්ය සාධනය සලකා බැලීමේදී කාර්ය මණ්ඩල විසින් එළඹෙන බැඳුම්කර ගිවිසුම් කඩ කිරීම හා එම කඩකිරීම නිසා රජයට අය විය යුතු මුදල් අයකර ගැනිමට කටයුතු නොකිරීම නිසා එලෙස කඩකරන ලද ගිවිසුම් 519 ක් වෙනුවෙන් රජයට අය විය යුතු මුදල රුපියල් 836,133,700 කි.