විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එම අදහස් පළ කළේ අද (23) දින පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා උන්වහන්සේ බැහැදැකීම සඳහා ආච්බිෂෝප් මන්දිරය වෙත ගිය අවස්ථාවේ දීය.
නොරොච්චෝළේ ගල් අගුරු බලාගාරය නිසා මේ වනවිට කල්පිටියේ ජනතාව පරිසර දූෂණය නිසා ඇති වන ගැටළු රැසකට මුහුණ දී ඇති බවත් එමනිසා තවදුරටත් ගල්අගුරු බලාගාර ඉදි කිරීමට ඉඩ නොදී හැකිතරම් පරිසර හිතකාමී විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.
විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඩීසල් හා ගල්අගුරු බලාගාරවලට ප්‍රමුඛත්වය ලබාදීම මගින් දැඩි පාරිසරික හානියක් සිදුවන බව පැවැසූ උන්වහන්සේ, තමන් සමග පරිසරවේදීන් පවා මේ සම්බන්ධයෙන් කරුණු සැළකර ඇති බව ප්‍රකාශ කළහ.
VIDEO