මෙරට තුළ මේ වනවිට සරම්ප රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, මිත්‍යා විශ්වාස පළ කරන ඇතැමි ආගමික කණ්ඩායම් විසින් දරුවන්ට සරම්ප එන්නත ලබා දීම වළක්වාලීම ඊට හේතුවී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
එහි අධ්යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ , විශ්ෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුළ වසරකට ලක්ෂ 03ක් පමණ වූ උපදින දරුවන්ගෙන් 1500 -1700 අතර සංඛ්‍යාවක් සරම්ප සඳහා එන්නත ලබා නොමැති බවයි.
ඒ අනුව අවිද්‍යාත්මක පදනමක් මත දරුවන්ට එන්නත් ලබා නොදීම මේ වනවිට රටට ගැටලුවක්වී ඇති බවත්, කඩිනමින් එන්නත ලබා නොදුන හොත් ඉදිරියේදී එම දරුවන් තවත් රෝගවලට ගොදුරු විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (12දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
"එන්නත් ලබා නොගත් දරුවන්ට කරුණාකර දෙමාපියන් මැදිහත් වී එන්නත් ලබා දෙන්න. කිසිම ගැටලුවකින් තොරව එන්නත් ලබා දීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් සිදු කරනවා. එන්නත් ලබා නොගත් අයගේ ලේඛනය සෞඛ්‍ය අංශ සතුව පවතිනවා. එළඹෙන සතියේ මේ දරුවන් සොයා ෙසෟඛ්‍ය කාර්ය මණ්ඩලය නිවෙස්වලට යනවා. බලෙන් දෙන්න බැහැ. ලෙඩවල අනතුර දකින්නේ නැති නිසයි මේ අය එන්නත් නොගන්න එන්නේ