පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට යට කර ඝාතනය කිරීමේ චෝදනා යටතේ රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම වූ සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හසිත මුහන්දිරම් නොහොත් සරපයා නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10දා) නියෝග කළේය.
2014 වසරේ දෙසැම්බර් 11 දා ලබාදුන් තීන්දුවට එරෙහිව ඇපෑලට අදාළ තීන්දුව ප්රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය ඔහුව නිදහස් කළේය.
අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දු ප්රකාශයට පත් කළාය.
හසිත මුහන්දිරම් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය. මෙම සිදුවීම සිදුවන සමයේදී හසිත මුහන්දිරම් කලවාන ප්රා දෙශීය සභාවේ මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කළේය.